කොවිඩ් මර්දන ප්‍රතිශක්තිකරන එන්නතක් ලෙස ලබාදුන් සයිනොෆාම් එන්නතේ ප්‍රතිශක්තිය මාස තුනක් පමණ යනවිට අඩුවන බව පර්යේෂණයකින් ඔප්පු වී ඇති බැවින් බුස්ටර් එන්නත ලබාගැනීම අනිවාර්ය බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.
ගෝලීය කොවිඩ් තත්ත්වය හමුවේ ඉදිරියේදී ප්‍රතිශක්තිකරනය වර්ධනය කර ගැනීම සදහා එන්නත් මාත්‍රා 4ක් වුවත් එන්නත් කිරීමට සිදුවිය හැකිබවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
මේ සියලු තීරණ විද්‍යාත්මක පදනමකින් ගන්නා තීරණ බැවින් ජනතාව අනිසි බියකයට පත්විය යුතු නැති බවයි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙන්නේ.
“ලංකාව තුල බහුතරයකට අපි ලබාදුන්නේ සයිනොෆාම් කියන එන්නත ඉතින් අපේ පර්යේෂණවලින් පවා අපි පෙන්නලා දීලා තියෙනවා මස තුනක් වෙනකොට ප්‍රතිදේහවල යම් අඩුවීමක් පෙන්නනවා.ඉතින් මෙවැනි අවස්ථාවක ප්‍රතිදේහ වර්ධනය කරගැනීමට බුස්ටර් එන්නතක් ලබාගැනීම ඉතා වැදගත්.මොකද එමගින් තමයි ආරක්ෂාව තියෙන්නේ.ප්‍රතිශක්තිකරණයක් යම් ආකාරයකින් වර්ධනය කරන්නනම් සමහරවිට එන්නත් දෙකක් තුනක් හතරක් වගේ ගහන්න වෙන්වා.ඉතින් ඒක විද්‍යාත්මක දත්ත මත පදනම් වෙච්ච තීරණ.විශේෂයෙන්ම වැඩිහිටි අය බුස්ටර් ලබානොගෙන සිටීම අපි හොද කාරණයක් ලෙස දකින්නේ නැහැ.මොකද ලබාදෙන්නේ ෆයිසර් එන්නත තමා ලබාදෙන්නේ හැමෝටම බුස්ටර් එන්නත විදිහට වෙනත් එන්නත් වර්ග ලබාදෙන්නේ නැහැ.ඒ නිසා තමාගේ ලැබෙන ප්‍රථම අවස්ථාවේදීම බුස්ටර් එන්නත ලබාගැනීම වැදගත්”