බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය ඉදිරි පැය 24 තුළ අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය වීම හමුවේ ඉදිරි පැය 24 තුළ ප්‍රදේශ රැසකට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් මුලතිව්, වව්නියාව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි.
කාලගුණ අනාවැකියට අනුව දිවයිනේ සෙසු ප්‍රදේශවල ද ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ට වැඩි තරමක වැසි ඇති විය හැකි බවද සඳහන්.
දිවයිනට ගිණිකොන දෙසින් නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය ඉදිරි පැය 24 තුළ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බවත් එය බටහිර බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි ද අපේක්ෂා කෙරෙනවා