fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, December 6, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, December 6, 2022

ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරඟ කළ යුතුයි – අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රීලනිප පක්ෂ බල මණ්ඩලය

ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරඟ කළ යුතු බවට අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩලයේදී ඒකමතිකව සම්මත වී තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩල රැස්වීම අනුරාධපුර දිස්ත්‍රික් බල මණ්ඩලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් භික්ෂු පෙරමුණ, තරුණ පෙරමුණ, ගොවි පෙරමුණ, ගුරු පෙරමුණ හා කාන්තා පෙරමුණ ඇතුළු දිස්ත්‍රික් අනුබද්ධ සංවිධාන සදහා නව නිළධාරීන් පත් කර ගැනීම සිදු කෙරුණා.

එහිදී අලුතින් පත්වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණෙහි ලේකම් සමන් කුමාර මහතා මෙලෙස අදහස් දැක්වුවා.

“මෙතනදී ආණ්ඩුව ගැන කථා කලා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කථා කලා, අපිත් පුංචි කාළයේ ඉඳලාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හරිම ආදරෙයි, අපි මේ මහ ගෙදර දාලා ගිහින් නෑ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි දාලා ගිහින් නෑ,එදා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය මහත්තයා ඔබතුමාව වැළඳගෙන අපිට නියම ආකාරයට සලකනවා කියපු වචනය විශ්වාස කරලා අපි පොහොට්ටුවේ ආණ්ඩුව හදන්න සහයෝගය දුන්නා, හැබැයි අපි කවුරුත් සියඹලා ගෙනල්ලා නැති විදිහටයි ගම තුළත්, ප්‍රාදේශීය සභාව තුළත්, අපි රාජකාරී කරන ආයතන තුළත්, මේ සමාජය තුළත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හම්බෙලා තියෙන තැන, ඒ නිසා මම යෝජනා කරනවා එන මැතිවරණයේදී ජය පැරදුම කොතැන තිබුණත් පක්ෂයක් විදිහට තනියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරඟ කරමු කියන යෝජනාව මම කරනවා යනුවෙනි”

එම යෝජනාවට සභාවේ සිට සියලු දෙනාම අත ඔසවා කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා.

අනතුරුව අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා,

“වෙනම තරඟ කරන්න අවශ්‍යයි කියනවා නම් අපි ආසන සංවිධායකවරුන් දැනුම්වත් කරනවා, ඉදිරි පළාත් සභා මැතිවරණයට තරඟ කරන්න කැමැත්තෙන් කට්ටිය ඉන්නවා නම් ඒ අය සුදුසුද නැද්ද කියලා බලලා ඒ අයට මාව මුණ ගස්වන්න”

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest