මිනිස් පරිභෝජනයට නුසුදුසු ඉන්දියාවෙන් අනයනයන කල අර්තාපල් කන්ටේනර් රථයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පෞද්ගලික ගබඩාවක තිබියදී දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය විසින් සොයා ගෙන තිබෙනවා
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබදව පෞද්ගලික ගබඩාවක තිබු මෙම අර්තාපල් නැවත වෙළෙඳ පොළට යැවීමට සකස්මින් තිබිය දී මේවා සොයාගැනීමට හැකිවූ බවයි නගර සභා සෞඛ්‍ය නිලධාරීන් පැවසුවේ.
සොයාගත් අල කන්ටේනරයේ තිබු අල ප්‍රමාණය කිලෝ හතලිස් දහසකට ආසන්න බව ප්‍රමාණයක් තිබෙන එම සේවකයින් පවසනවා.
මීට පෙරද මෙම ගබඩා හිමිකරු සහ මෙම කන්ටේනර් රථ රියදුරු මිනිස් පරිභෝජනයට නුසුදුසු ලොකු ළූණු තොගයක් පාකිස්ථානයෙන් ගෙන්වා වෙළඳපොලට යැවීම සඳහා සූදානම් කර තිබියදී නගර සභාවේ සෞඛ්‍ය අංශ භාරයට ගනු ලැබුවා.