fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

ඉන්දු- නවසීලන්ත 20යි 20 තෙවන තරගයේ ජයත් ඉන්දියාවට

ඉන්දියාව හා නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග 3-0 ක් ලෙසින් ජය ගැනිමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඒ නවසීලන්ටයට එරෙහි ඊයේ (21) පැවති විස්සයි විස්ස තරගය ලකුණු 73 කින් ජය ගැනීමත් සමගයි.

කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේදී ඉන්දීය කණ්ඩායම කඩුළු 7 ක් දැවී ලකුණු 184 ක් රැස් කළා.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් රෝහිත් ෂර්මා ලකුණු 56 ක්ද ඉෂන් කිෂන් ලකුණු 29 ක්ද රැස් කළා.

පන්දු යැවීමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් මිචෙල් සැට්නර් ලකුණු 27කට කඩුළු 3 ක් දවා ගත්තා.

ලකුණු 185 ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 17 යි පන්දු දෙකක් අවසානයේදී සියළු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 111ක් පමණයි.

මාටින් ගප්ටිල් ලකුණු 56යි.

පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් අක්සාර් පටෙල් ලකුණු 9 කට කඩුළු 3 ක් දවා ගත්තා.

තරගයේ වීරයා අක්සාර් පටෙල්.

තරගාවලියේ වීරයා රෝහිත් ෂර්මා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest