fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

ඉල්ලා අස්වූ මහින්ද සමරසිංහ වෙනුවට මංජු ලලිත් වර්ණකුමාර..?

පාර්ලිමේන්තුවෙන් අද ඉල්ලා අස්වූ මහින්ද සමරසිංහ මහතා වෙනුවට මංජු ලලිත් වර්ණකුමාර මහතා කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණෙනු ඇති බවට දේශපාලන වේදිකාවේ කතිකාවක් ඇති වී තිබෙනවා

මහින්ද සමරසිංහ මහතා අද පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වූයේ අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධුරය භාර ගැනීම සඳහායි

ඉකුත් 2020 මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ 9 වෙනියා ලෙස තේරී පත්වුයේ ලලිත් වර්ණකුමාර මහතා වන අතර ඔහු මනාප 46,361ක් ලබා ගත්තා.

ඒ මහතා පොදුජන පෙරමුණේ බුලත්සිංහල ආසනයේ ප්‍රධාන සංවිධායකවරයායි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest