fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

රට යළි ලොක්ඩවුන් කළහොත් පුදුම වෙන්න එපා – විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් (Video)

එළඹෙන උත්සව සමයේදී සාප්පු සවාරි යාම හැකිතාක් සිමා කරන ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

ජනතාව එක්රැස්වීම් පිළිබඳව සෞඛ්‍ය අංශ නිරන්තර අවදානයෙන් පසුවන බවත් ඉදිරියේදී සාප්පු සංකීර්ණවලට ජනතාව එක්රැවීමේ වර්ධනයක් පෙන්නුම් කලහොත් දැඩි සංචරණ සීමා පැනවීමට සිදුවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

එමෙන්ම පවතින තත්ත්වය හමුවේ උත්සව සමයේදී රට යළි ලොක්ඩවුන් කළහොත් පුදුම නොවන ලෙසත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ බව සදහන් කළේ අද(23) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest