ඔමික්‍රෝන් ප්‍රභේදයේ පැතිරයාම පිළිබඳ නිසි අවබෝධයක් ශ්‍රී ලංකාව සතු අතර, යම් හෙයකින් වෛරසය රට තුළට ඇතුළු වුවහොත් ජාන විශ්ලේෂණයකින් එය හඳුනා ගැනීමට, පරීක්ෂණාගාර පහසුකම් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
මෙතෙක් පැවති කොරෝනා වෛරස ප්‍රභේද 04ට වඩා ඔමික්‍රොන් ප්‍රභේදයේ ව්‍යාප්තිය වේගවත් විය හැකි අතර, කොවිඩි වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයන්ට වුව ද එය ආසාදනය විය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පෙන්වා දෙනවා.
ඉදිරි සති දෙක තුන තුළ ඔමික්‍රොන් ප්‍රභේදයේ හැසිරීම පිළිබඳ පැහැදිලි අදහසක් ලබා ගැනීමට හැකි වනු ඇති බව පෙන්වා දුන් නීලිකා මලවිගේ මහත්මිය වැඩිදුරටත් සදහන් කළේ ප්‍රතිශක්තිකරණය ඉහළ නම් විකෘති ප්‍රභේදවලට බිය විය යුතු නොමැති බවයි.
මෙහිදී අදහස් දැක්වූ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කියා සිටියේ මෙතෙක් එන්නත් ලබා නො ගත් පිරිස් වහා ම එන්නත්කරණයට යොමු වීමේ අනිවාර්ය බවත් ජනතාව නියමිත සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ඉතා වැදගත් බවයි.
දැනට රජය මඟින් සිදු කරගෙන යන කොවිඩ් මර්දන කටයුතු සාර්ථක අතර උත්සව සමයේ සංචරණ සීමා කර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ හේමන්ත හේරත් මහතා පැවසීය.
ඔවුන් මේ බව පවසා සිටියේ ඊයේ (02) පස්වරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කර තිබු මාධ්‍ය හමුඅවකට එක්වෙමින්.