fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

උත්සව සමය වෙනුවෙන් විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ – (VIDEO)

උත්සව සමය වෙනුවෙන් ලබන 16 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

ඒ අනුව දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ වලංගු වන්නේ ලබන 15 වැනිදා දක්වා පමණයි.

මේ අතර අවුරුදු 12 ට වැඩි දරුවන් හට ෆයිසර් එන්නත ලබාදීමට එන්නත් උපදේශක කමිටුව මගින් අනුමැතිය ලබාදී තිබෙනවා.

තෙවන මාත්‍රාව ලබා ගත් සියලු දෙනා අප්‍රමාදව නියමිත දින ගණන සම්පූර්ණ කර ඇත්නම් තුන්වන මාත්‍රාව ලබා ගන්නා ලෙසත් එළඹෙන උත්සව සමයේ දී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් කටයුතු කරන ලෙසත් උත්සව සංවිධානය කරන අයත් උත්සව වලට සහභාගි වන අයත් නිසි සෞඛ්‍ය උපදෙස් අනුව එම කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest