වෛද්‍ය සැපයුම් ලබාගැනීම සඳහා උතුරු කොරියාව චීනයට ගුවන් යානයක් යවා ඇති බවට විදෙස් මාධ්‍ය ඊයේ(17) දිනයේ වාර්තා කළා.
කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමඟ කොරෝනා මර්දන එන්නත් නොමැතිවීම සහ ප්‍රමාණවත් වෛද්‍ය යටිතල පහසුකම් නොමැතිවීම හේතුවෙන් උතුරු කොරියාවේ විශාල සෞඛ්‍ය අර්බුදයකට මුහුණපා ඇති බවයි එම වාර්තා වල වැඩිදුරටත් සඳහන්.