පනවා ඇති සෞඛ්‍ය සිමා කඩකරමින් උද්ඝෝෂණ හෝ විරෝධතා පැවැත්වීමට කටයුතු කලහොත් නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
ත්‍රිවිධ 24 අප කළ විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ සමගි ජනබලවේගය තහනම් නියෝග නොතකමින් අද දිනයේ උද්ඝෝෂණ ව්‍යාපාරය සඳහා රැස්වීමට තීරණ කිරීම අනුමත කළ නොහැකි බවයි.
මංගල උත්සව සහ අවමංගල කටයුතු වැනි ජනතාවගේ අතිශය පෞද්ගලික කාරණාවලදීද සීමා පනවා ඇති මොහොතක එය නොතකා උද්ඝෝෂණ කිරීම ජනතාවගේ ජිවිත බිල්ලටදීමක් බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.