ඌව පළාතේ මහජන සෞඛය පරීක්ෂකවරුන් කොවිඩ් රාජකාරිවලින් ඉවත්ව සිටීමේ වෘත්තිය ක්රියාමාර්ගයක නිරත වනවා.
කොවිඩ් රාජකාරි සිදුකිරීමේදී ලබාදෙන බවට පැවසූ අතිකාල දීමනා ලබා නොදීම,ගමන් වියදම් කප්පාදු කිරීම ඇතුළු කරුණු ගණනාවකට විරෝධය පෑම මෙම වෘත්තිය ක්රියාමාර්යේ අරමුනයි.
තමන් කොවිඩ් එන්නත් කරනයෙන් හා දේහ ආදාහන කටයුතු වලින් හැර අනෙක් කොවිඩ් රාජකාරිවලින් ඉවත්වන සිටින බවත් සෙසු රාජකාරි පමණක් සිදුකරන බවත් බදුල්ල දිස්ත්රික් මහජන සෞඛය පරීක්ෂක වරුන්ගේ සංගමයේ සභාපති ඩී එම් ඒ ආර් දිසානායක මහතා ත්රිවිධ 24 වෙත පැවසුවා.
බණ්ඩාරවෙල විරාජ් අබේසිංහ