fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

එංගලන්තය පරදා නවසීලන්තය ලෝක කුසලාන අවසාන මහා තරඟයට

T20 ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරඟය නවසීලන්තය සහ එංගලන්තය අතර ඊයේ (10)පැවැති පැවැත්වුණා.

තරගයේ කාසිය වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායමේ නායකයා පළමුව පන්දුවට පහරදීමට එංගලන්ත කණ්ඩායම ආරාධනා කළා.

ඒ අනුව, එංගලන්ත කණ්ඩායම නියමිත පන්වාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 166ක් රැස් කළා .

එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ඩේවිඩ් මාලන් ලකුණු 41ක් රැස්කළ අතර මොයින් අලි නොදැවී ලකුණු 51ක් රැස් කළා

පන්දු යැවීමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ටිම් සවුති, ඇඩම් මිල් , ඉස් සෝධි සහ ජේම්ස් ණීසම් එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19 ක් තුළ කඩුලු 5 ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළා

එහිදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ඩැරල් මිචෙල් නොදැවී ලකුණු 73 ක් රැස් කල අතර ඩෙවොන් කොන්වේ ලකුණු 46ක් රැස් කළා .

නවසීලන්තය පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක අවසාන තරඟයට පිවිසි පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest