fbpx

එක්දින තරගයේ ජය සිංහයන්ට

සංචාරක ඔස්ට්‍රෙලියානු කණ්ඩායම සමඟ පැවති සිවු වැනි එක්දින තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ හිමිවුණා.

ඒ ලකුණු 5කින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කරමින්.

මේ සමඟම තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලි ජයග්‍රහණය සතු කර ගන්නටත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

ඒ අනුව ලකුණු 259ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඔස්ට්‍රෙලියානු කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කරගත්තේ ලකුණු 254ක් පමණ යි.

ශ්‍රී ලංකා කණ්ඩායමක් ඔස්ට්‍රෙලියානු කණ්ඩායමක් නොකඩවා තරග 3ක දී පරාජය කරනු ලැබුවේ පළමු වරට යි.

ඔස්ට්‍රේලියා කණ්ඩායම එක්දින ක්‍රිකට් තරගාවලියක් ශ්‍රී ලංකාවේදී මෙලෙස පරාජයට පත්වූයේ වසර 30කට පසුවයි.

1992 දී පැවති එම තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළේ තරග දෙකට එකක් වශයෙන්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles