දෛනික රෝගීන් වාර්තාවීම ඉහළයාමත් සමග ජර්මනියේ රෝහල් පද්ධතියට මේ වන විට බලපෑම් එල්ල වී තිබෙනවා.
මේ නිසා පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි සීමා පැනවීමට ජර්මනිය තීරණය කර තිබෙනවා.
ඒ අනුව පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින්ට ජර්මනියේ ප්‍රධාන ස්ථානවලට ඇතුළුවීම වළක්වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ සදහා මේ වන විටත් ජර්මනියේ සියලු ප්‍රාන්ත ප්‍රධානීන් එකඟතාව පළ කර තිබෙනවා.
ඊයේ(18) දිනයේද ජර්මනියෙන් දෛනික ආසාදිතයින් 65,000 ක් වාර්තා වුණා.
එය කොවිඩ් ව්‍යාප්තිය ආරම්භ වූ දින සිට ජර්මනියෙන් වාර්තා වූ ඉහළම දෛනික ආසාදිතයින් සංඛ්‍යාවයි.