fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

එල්.පී.එල් සටන හෙට(05) කොළඹදී ඇරඹෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ දෙවැනි අධියර හෙට (05) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව මෙවර තරඟාවලිය ජැෆ්නා කිංග්ස්, කැන්ඩි වෝරියස්, ගෝල් ග්ලැඩියේටර්ස්, කලම්බු ස්ටාර්ස් සහ දඹුල්ල ජයන්ට්ස් යන කණ්ඩායම්වල සහභාගීත්වයෙන් පැවත්වෙනවා.

තරඟ 24 කින් යුත් මෙවර තරඟාවලිය හෙට (05) සිට ලබන 23 වෙනිදා දක්වා පැවැත්වීමටයි කටයුතු සංවිධානය කර ඇත්තේ.

තරඟාවලියේ මූලික තරග කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ද අවසන් පූර්ව වටයේ තරඟ හා අවසන් මහා තරඟය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේද පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව හෙට  දින තරඟාවලිය ආරම්භ කරමින් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හා පසුගිය වසරේ අනුශූරයින් බවට පත් වුණු ගෝල් ග්ලැඩියේටර්ස්  කණ්ඩායම තරඟ බිමට පිවිසෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest