fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

ඔමික්‍රෝන්ට එරෙහිව ලොව ප්‍රබල එන්නත් නිෂ්පාදන සමාගම් වැඩ පටන් ගනී

දකුණු අප්‍රිකාවෙන් හඳුනාගෙන ඇති ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයට එරෙහිව දින 100ක් ඇතුළතදි නව එන්නතක් නිෂ්පාදනය කරන බව ෆයිසර් සමාගම සදහන් කරනවා.

B.1.1.529 යන කේත අංකයෙන් සහ ඔමික්‍රෝන් යන නමින් හදුන්වා දී තිබෙන මෙම නව ප්‍රභේදය ඉතාමත් ඉහළ විකෘතිතාවක් සහිත ප්‍රභේදයක් බවයි පර්යේෂකයින් පවසන්නේ.

මේ අතර මොඩර්නා සමාගම නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ 2021 වසර ආරම්භයේදීම නව කොවිඩ් ප්‍රභේදයක් ලොව හට ගැනීමේ බලාපොරොත්තුවෙන් සිය සමාගම සිටි බවත් ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය සමග සිය එන්නත් නිෂ්පාදනය සහ අත්හදා බැලීමේ කටයුතු මේ වන විට සිදු කරමින් සිටින බවයි.

එසේම Novavax සමාගමත් මෙම නව B.1.1.529 යන ජානමය පිළිවෙල අනුව යමින් අලුත් එන්නතක් නිපදවීමට ආරම්භ කර ඇති බව ප්‍රකාශ කර තිබෙනවා.

එම සමාගම පවසන්නේ එහි අත්හදා බැලීම් සහ නිෂ්පාදන කටයුතු ඉදිරි සති කිහිපයේදී ඇරඹීමට සිය සමාගම අපේක්ෂා කරන බවයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest