දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය මෙරටට පැමිණීම වලක්වාලීම සදහා සෞඛ්‍ය අංශ කඩිනමින් පියවර ගතයුතු බව රසායනාගාර වෘත්තියවේදී සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා.
දැනට නතරකර ඇති ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී සිදුකල කොවිඩ් පරීක්ෂණ කටයුතු නැවතත් ආරම්භ කර ලෙසයි ඔහු රජයෙන් ඉල්ලා සිටින්නේ.
රසායනාගාර වෘත්තියවේදී සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා මේ බව සදහන් කලේ අද (27) පෙරවරුවේ කොළඹ පවතී මාධ්‍ය හමුවකට එක්වෙමින්.