ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදයේ ආසාදනය වූ පුද්ගලයෙකු පළමු වරට ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් හඳුනා ගෙන තිබෙනවා.
කැලිෆෝනියාවේ සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ මෙම ආසාදිතයා පසුගිය 22 වනදා දකුණු අප්‍රිකාවේ සිට ඇමෙරිකාවට පැමිණි එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයෙකු බවයි.
ඔහුට ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත බවට සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන ඇත්තේ පසුගිය 29 වැනිදායි.
කෙසේ නමුත් ඔහුගේ ආශ්‍රිතයින්ට මෙම ප්‍රභේදය ආසාදනය වී නොමැති බව සොඛ්‍ය අංශ පවසනවා.
ලොව පුරා මේ වන විට හදුනා ගෙන ඇති ඔමික්‍රෝන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 366 ක්.