ජානමය අනුක්‍රමණ විශේල්ෂණයකින් හඳුනා ගන්නා තෙක් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ඇතැම් විට ශ්‍රී ලංකාව තුලද ව්‍යාප්ත වෙමින් පැවතිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පමහතා පවසනවා.
විවිධ අවස්ථාවලදී හඳුනා ගනු ලැබූ කොවිඩ් ප්රභේදයන් රට තුළ ව්‍යාප්ත වීමට හේතුව ජනතාවගේ සංචරණය බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
“ඒකේ හැකියාව හැම විටම තියෙනවා. මිට කලින් අපි කතා කරපු ඇල්ෆා, බීටා, ඩෙල්ටා කියන වෛරස ගැන කතා කළා. මේ සියලුම වෛරස් වර්ග ලෝකයේ විවිධ පළාත් හඳුනා ගනු ලැබුවා. කාලයක් ගත වෙන කොට ඒ වෛරසය ලෝකයේ සෑම රටකටම ව්‍යාප්ත වුණා.මේ වෛරසය සංචරණයත් සමගයි ප්‍රධාන වශයෙන් ඒ රටවලට පැතිරිලා තියෙන්නේ. එනකොට එන අය මේ වෛරසය රැගෙන එනවාද කියා අපට කල් තියා හඳුනා ගන්න පුළුවන් ක්‍රමයක් නැහැ. අප රට තුල සිදුකරන ජාන විශ්ලේෂණයකින් පමණයි මෙය හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. එවැනි අවස්ථාවක මේ ජාන අනුක්‍රමණ පරීක්ෂණයකින් හඳුනා ගන්නා තෙක් මේ වෛරසය රට තුල පැතිරෙමින් පවතින්නත් ඉඩ තියෙනවා. මෙහිදී වැදගත් වෙන්නේ මේ ප්‍රභේදය ලංකාවට ආවද නැද්ද කියන එක හොයනවට වඩා එය ලංකාවට ඇතුල්වීම වැළැක්විමට අවශ්‍ය කටයුතු කරන්න ඕන”