මෙරට තුළ ඔමික්‍රෝන් ප්‍රභේදය ව්‍යාප්තවීම වැලක්වීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග මේ වනවිටත් සෞඛ්‍ය අංශ මගින් ගෙන ඇතිබව කොවිඩ් කාර්ය සාධක බලකායේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
යුද හමුදාපතිවරයා මේ බව පැවසුවේ අද(05) උදෑසන දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින්.
ඉදිරි උත්සව සමයේදී සංචරණ සීමා පැනවීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සදහන් කළා.
කෙසේ වෙතත් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් අවධානයෙන් සිටීම ඉතා වැදගත් බවයි යුද හමුදාපතිවරයා පවසන්නේ.