දකුණු අප්‍රිකාවෙන් හඳුනාගැනුණු ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය සහිත ආසාදිතයින් දෙදෙනෙකු බ්‍රිතාන්‍යයෙන් හඳුනාගෙන ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසනවා.
මෙලෙස හඳුනාගත් ආසාදිතයින් පසුගිය දිනවල දකුණු අප්‍රිකාවේ සංචාරය කර ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.
මෙම නව කොවිඩ් ප්‍රභේදය රටතුළට ඇතුල්වීම හේතුවෙන් බ්‍රිතාන්‍ය තුළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ පැනවීමට එරට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ.