ඔමික්‍රෝන් වෛරසය ඩෙල්ටා ප්‍රභේදයට වඩා 500 ගුණයක වේගයකින් පැතිරෙන බවට මේ සෞඛ්‍ය විශේෂඥයින් විසින් හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසනවා.
ඒ අනුව මොහොතේ කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබා නොගත් අය පළමු මාත්‍රාවත් දෙවන මාත්‍රාව නොගත් අය දෙවන මාත්‍රාවක් තුන්වෙනි මාත්‍රාව ලබා නොගත් අය තුන් වන මාත්‍රාවක් ලබා ගැනීම කඩිනමින් සිදුකල යුතු බවයි ඇය පෙන්වා දෙන්නේ.
විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය වැඩිදුරටත් සදහන් කරන්නේ මෙය අපේ රටට ඇතුළු නොවෙයි කියල අපට විශ්වාස කරන්න බෑ මෙය ගෝලීය තත්ත්වයටම බලපාන කරුණක් එම නිසා අපි ආරක්ෂා වීමට කටයුතු කළ යුතුයි බවයි.
අපි දැක්කා delta ප්‍රභේදය කොතරම් වේගයෙන් අපේ රටේ පතිරුනාද කියලා එම නිසා ඊට වඩා වේගයෙන් පැතිරෙන වෛරසයක් නිසා අපි ඉතා ප්‍රවේශම් විය යුතුයි.