ඔමික්‍රෝන් ප්‍රභේදය ශ්‍රී ලංකාව සහ යුරෝපයේ වේගයෙන් ව්‍යාප්ත නොවනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරනවා.
දකුණු අප්‍රිකානු විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් කරන ලද පරීක්ෂණයක තොරතුරු අනුව ඔහු පෙන්වා දෙන්නේ මෙම අධ්‍යයනයේදී විද්‍යාඥයින් විසින් ඔමික්‍රෝන් ඇතුල් වන ආකාරය සහ ප්‍රතිදේහ ප්‍රතිචාර දක්වන ආකාරය තක්සේරු කර ඇති බවයි.
බූස්ටර් එන්නත මගින් ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් ආරක්ෂාව ලබා දීමට ඉඩ ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.
මේ සම්බන්ධයෙන් ස්ථීර නිගමනයකට පැමිණීමට හැකියාව ඇත්තේ තවදුරටත් දත්ත අධ්‍යයනය කිරීමෙන් පසුව බවද වෛද්‍ය සඳහන් කරනවා.