අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ නායයාම් නිසා කොළඹ කඩුගන්නාව මාර්ගයේ කඩුගන්නාව – මාවනැල්ල කොටස වසා දැමීම සිදුවුණා.
එම මාර්ගය නැවත ගමනාගමනයට ආරම්භ කිරීම සම්බන්ධයෙන් අද (15) දින තීරණයක් ගැනීමට නියමිතව තිබුණා.
නමුත් එහිදී තීරණය වූයේ නිරීක්ෂණ හා තොරතුරු අනුව මාර්ගය තව දුරටත් වසා තැබීමටයි.
එසේම තිරස් විදුම් ක්රමය භාවිතයෙන් පොළොව තුළ තිබෙන ජල පීඩනය තව දුරටත් අඩු කිරීමට පියවර ගන්නා බවයි කෑගල්ල දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මෙහිදී සදහන් කළේ.