කළුගග හරහා බෝට්ටුවකින් යමින් සිටි පිරිසක් ඔරුව පෙරළි අනතුරට ලක්වී එක් පුද්ගලයෙකු අතුරුදන් වී තිබෙනවා.
හොරණ ගල්පාත තොටුපොළ සිට කළුතර බොළොස්සගම තොටුපොළට දක්වා පස් දෙනෙකු රැගෙන ගිය මේ බෝට්ටුව පෙරළි තිබෙන්නේ ඊයේ සවස් කාලයේ.
ඔරු අනතුරෙන් එහි ගිය පුද්ගලයින් සතු ව තිබු යතුරුපැදි තුනක් සහ පාපැදියක් ද ගඟට වැටී ඇති බව සදහන්.
ඔරුව පැදවූ පුද්ගලයා ද තුවාල ලබා කළුතර නාගොඩ මහ රෝහලේ ප්රතිකාර ලබනවා.
අතුරුදන් වූ පුද්ගලයා සොයා යුදහමුදාව ප්රදේශවාසීන් හා කළුතර දකුණ පොලිසිය සෝදිසි කිරීම් සිදුකරනවා.
බණ්ඩාරගම බිමල් සාමෙන්