කාලගුණික තත්ත්වය ඉතා අයහපත් තත්ත්වයට පත් වීම හේතුවෙන් කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකශයට පත් කර තිබෙනවා.
බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තය මේවන විට මහා වැසි, සුළි සුළං හා නාය යාම් තත්ත්ව හේතුවෙන් අර්බුද රැසකට මුහුණ පා තිබෙනවා..
අයහපත් කලගුණික තත්ත්වය හේතු කොට ගෙන මෝටර් රථ හා දුම්රිය ගණනාවක් තවමත් ගමනාන්තවලට ලගා වීමට නොහැකිව පවතින අතර මේ තත්වය හේතුවෙන් භාණ්ඩ හා ආහාර සැපයුම් ජාලයද දැඩි ලෙස අක්‍රියව පවතිනවා.
කෙසේ නමුත් බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්ත ආණ්ඩුකාර ජෝන් හෝගන් මහතා ප්‍රාන්ත වැසියන් අමතමින් කියා සිටියේ විපතට පත් වූවන්ට ආධාර කිරීමට කැනඩා රජය ගුවන් හමුදා යොදවා ඇති බවයි.
නමුත් අද හැලෙන මහා වර්ෂා හේතුවෙන් එරට සහන සේවාවලට ද දැඩි බලපෑමක් එල්ල වී ඇති බව කැනඩානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.