අද(10) අලුයම තුනට පමණ ප්‍රදේශයේ පැවති අධික වර්ෂාව හේතුවෙන් කෑගල්ල දේවාලේගම ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් නිවසේ සිටි වයස අවු 70 ක් වූ පියා වයස අවරුදු 32 ක් වූ පුතා අතුරුදන්ව වූ අතර ඔවුන්ගේ සිරුරු පසුව යුද හමුදාව විසින් සොයා ගනු ලැබුවා.
අනතුරෙන් මිය ගියේ මී බද්දේ රාළලාගේ රණසිංහ (පියා)මී බද්දේ රාළලාගේ දමිත් කුමාර රණසිංහ (පුතා) යන දෙදෙනායි.
මේ අනතුරෙන් තුවාල ලැබූ නිවසේ සිටි මව 68 හැවරිදි චන්ද්‍රසේකර මුදියන්සේලාගේ නන්දාවතී කැගල්ල ශික්ෂණ රෝහලට ඇතුළත්කර ඇත.