කින්නියා ඛේදවාචකය සම්බන්ද විමර්ශන වාර්තාව එය සකස්කළ විද්වත් කණ්ඩායම විසින් හෙට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර වරියට ලබාදීමට නියමිතයි.
ආණ්ඩුකාර කාර්යාලයේ නිලධාරියෙකු ත්රිවිධ 24 වෙත පැවසුවේ එම වාර්තාව මේ වනවිට අවසන් කර ඇති බවයි.
වාර්තාවේ නිර්දේශ ක්රියාත්මක කිරීමටත් වැරදිකරුවන්ට වහාම නීතිය ක්රියාත්මක කරන බවත් පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසනවා
දැනට කුරුන්ජන්කර්නි හා කින්නියා අතර ප්රවාහන පහසුකම් සපයා දෙනු ලබන්නේ නාවික හමුදාවේ බෝට්ටුවක ආධාරයෙන්.
නැගෙනහිර පළාතේ ක්රියාත්මක සියළු පාලම් පාරුවල ගුණාත්මකභාවය පරික්ෂා කිරීමට ආණ්ඩුකාරවරිය කටයුතු කල අතර එහි නිර්දේශද විමර්ශන වාර්තාවට ඇතුලත් කර ඇති බව සදහන්.
මේ අතර පාරු අනතුරෙන් බරපතල තත්ත්වයෙන් පසුවූ 06 හැවරිදි දැරියක් ඊයේ රාත්රී මියගොස් තිබෙනවා.ත්රිකුණාමලය මහ රෝහලේ ප්රතිකාර ලැබූ දැරියගේ දේහය පිළිබද අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතයි.
ත්රිවිධ 24 ප්රාදේශීය වාර්තාකරු මොහොමඩ් ගීත්