fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

කින්නියා නගර සභාවේ සභාපති ලබන 09 දක්වා රිමාන්ඩ්

කින්නියා පොලීසිය විසින් අද අත්අඩංගුවට ගනු ලැබු කින්නියා නගර සභාවේ සභාපතිවරයා ලබන මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔහු අද ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

කින්නියා කුරින්ජන්කර්නි පාලම් පාරුව පෙරළීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සදහා අද පෙරවරුවේ කින්නියා නගර සභාපති කින්නියා පොලිසිය වෙත පැමිණි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුවුණා.

මේ අතර පාසල් ළමුන් ඇතුළු 06 දෙනෙකුට මරු කැඳවූ කින්නියා පාරු අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පෞද්ගලික පාලම් පාරුවේ හිමිකරු සහ ක්‍රියාකරුවන් දෙදෙනා ලබන මස 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර කරන ලෙසට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් වරයා ඊයේ (24) නියෝග කළා.

මේ අතර පාලම් පාරු අනතුරින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමට විරෝධය පළ කරමින් අද දිනයේ කින්නියා නගරයේ වෙළඳ සැල් වසා කළු කොඩි ඔසවා විරෝධය පළකිරීමක් සිදුවුණා.

අප වාර්තාකරු පවසන්නේ කින්නියා හා ඒ අවට පාසැල් ද වසා වසා තිබු බවයි.

ඔවුන්ගේ ඉල්ලීම වන්නේ කුරින්ජන්කේනි කලපුව මැදින් ඉදිකරන පාලම කඩිනමින් ඉදිකරදෙන ලෙසටයි.

මේ අතර කුරින්ජන්කර්නි පාලම මාස 9ක් ඇතුලත ඉදිකිර අවසන් කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහාමාර්ග අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබෙනවා .

අද (25) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවට එක්වෙමින් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් වරයා මේ බව මාධ්‍යවෙත දැනුම් දුන්නා

ත්‍රි මළේ මොහොමඩ් ගීත් සහ සුමේධ

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest