fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

කින්නියා පාරු අනතුරට නගරාධිපති වගකිවයුතුයි – රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා

කින්නියා පාලම් පාරු අනතුරට වගකිවයුත්තේ කින්නියා නගරාධිපති බව ග්‍රාමීය මාර්ග අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පවසනවා.

ඔහු අද( 24) පාර්ලිමේන්තුවේදී පැවසුවේ කින්නියා නගරාධිපතිවරයාගේ අනු දැනුම මත මුදල් සෙවීමේ අරමුණෙන් අනවසරයෙන් මෙම පාරුව ක්‍රියාත්මක කර ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා

”කින්නියා නගර සභාව තමන්ට නැති බලයක් උපයෝගී කරගෙන ජනතාව එහාට මෙහාට ගෙනියන්න කෙටි මාර්ග වලින් මුදල් හම්බ කරන්න ව්‍යාපාරිකයෙක්ට මේ පාරුවක් ”ෆෙරි සර්විස් ” එකක් දාන්න අවසර දීලා තියෙන්නේ.
එතකොට මේ නිසා තමයි ඊයේ මේ අවාසනාවන්ත සිද්ධියට ඒ කින්නියා ප්‍රදේශයේ අහිංසක ජනතාව මුණ දෙන්නේ.
ඒ නිසා මේකේ පළවෙනි වගඋත්තර කරු විශේෂයෙන් කින්නියා නගර සභාව කියන එක ඉතාමත් පැහැදිලිව මේ සභාවේදී රටට ඇහෙන්න මට කියන්න ඕන.ඒ නිසා බලහත්කාර කමෙන් මුදල් හම්බ කිරීම සඳහා කින්නියා නගරාධිපතිතුමා අවසර ලබා දීල තියෙනවා මහරුෆ් මන්ත්‍රී තුමාගේ ඥාතියට සහ එතුමාගේ දේශපාලන බලවතාට.ඒ නිසා මම මේ සභාවේ පැහැදිලිව අවධානය යොමුකරන්න ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාගෙන් ඉල්ලනවා මේ සඳහා අවසර ලබාදුන්න නගර සභාවට විරුද්ධව ආණ්ඩුකාරතුමියගෙන් ඉල්ලනවා මේ සභාපති තුමාට විරුද්ධව විනය පියවර ගන්න කියලා එතුමාගේ සභාපති ධුරය අත්හිටුවලා.ඒ නිසා මේ මැරුණු මිනිස්සු වෙනුවෙන් සාධාරණයක් ඉටු කරන්න නම් කින්නියා නගරාධිපති තුමාගේ වැඩ වහාම අත්හිටුවන්න.අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේ කරපු අපරාධයට විරුද්ධව කටයුතු කරන්න කියලත් මේ ගරු සභාවෙන් මම ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා”

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest