fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

කිසිදු පක්ෂයක් සමග සභාග රජයක් පිහිටුවීමේ අදහසක් නැහැ – ටිල්වින් සිල්වා (Video)

රට විනාශයට පත්කළ කිසිදු පක්ෂයක් සමග එක්ව නැවත සභාග රජයක් පිහිටුවීමේ අදහසක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රචාරක ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.

හලාවත ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුවයි ටිල්වින් සිල්වා මහතා මේ බව සදහන් කළේ.

“මේ වෙන කොට රට විනාශයට පත් වී අවසන්.බොරු ගොඩාක් කියලා බලයට පත්වූ වත්මන් රජය කළ හැකි ලොකුම විනාශ මේ වන විට සිදු කර තිබෙනවා. බඩු මිළ අහස උසට ගිහිං.ගොවියාට පොහොර ටික ලබා දුන්නේ නෑ.වසර 1 ½ ක පමණ කාලයක් ගෙන ගිය පොහොර නාටකය අවසන් කළේ රසායණික පොහොර ගෙන්වන්න පුද්ගලික අංශයට අවසර ලබා දෙමින්.එහි අවසන් ප්‍රතිඵලය වෙන්නේ ගොවියාට ලබා දුන් පොහොර සහනාධාරය කපා දැමීමයි.ජනතාවට දැන් මේ ප්‍රධාන පක්ෂ දෙකම එපා වෙලා තියෙන්නේ.පසුගිය අගෝස්තු මාසය වන විට ජනතා විමුක්ති පෙරමුනේ ජනප්‍රියතාවය තිබුණාට වඩා 15% කින් පමණ ඉහළ ගොස් ඇති බව කියනවා.අපි විශ්වාස කරනවා එම ජනප්‍රියතාවය මේ වන විට තවත් ඉහළ ගොස් ඇති කියලා.ඒ නිසා තමයි අපි අද ජනතාව ළගට ගිහිං ඇත්ත තත්ත්වය පෙන්වා දෙන්න කටයුතු කරන්නේ.අපි කිසිම අවස්ථාවක සුදානම් නැහැ සභාග රජයක් බිහි කරන්න.අපි උත්සාහ කරන්නේ තනි පක්ෂයක් ලෙස රජයක් බිහි කිරීමටයි.මොකද තට්ටු මාරු ක්‍රමයට රට පාලනය කරමින් ප්‍රධාන පක්ෂ දෙකම සිදු කළේ ජනතාවගේ මුදල් සොරා කෑම පමණයි.අපි උත්සාහ කරන්නේ තනි පක්ෂයක් ලෙස රජයක් පිහිටුවා සොරකම් කර තිබෙන එම මුදල් නැවත ජනතාව වෙත ලබා දීමටයි”

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest