fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

කුරුණෑගල – මීරිගම අධිවේගී මාර්ගය අනිද්දා ජනතා අයිතියට ?

උතුරු අධිවේගී මාර්ගයේ කුරුණෑගල සිට මීරිගම දක්වා කොටස අනිද්දා (18) බොහෝ දුරට විවෘත කිරීමට ඉඩ ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

එහි උසස් නිලධාරීයෙකු ත්‍රිවිධ24 වෙත පැවසුවේ මෙම මාර්ගයේ ඉදිකිරීම් මේ වනවිට සම්පූර්ණයෙන් අවසන් කර ඇති බවයි.

මාර්ගයේ කුඩා වැඩ කොටසක් පමණක් ඉතිරිව තිබෙන බව පැවසූ එම නිලධාරීයා එය අද(16) සහ හෙට(17) දිනය තුළ අවසන් කරනු ඇති බව පැවසුවා.

කිලෝමීටර් 39.92ක දුරකින් යුත් කුරුණෑගල – මීරිගම අධිවේගී මාර්ගයේ කුරුණෑගල ප්‍රවේශය ගැට්ටුවාන මංසන්දියෙනුත් මීරිගම ප්‍රවේශය මීරිගම නාකුලුගමුවේත් (රෝහල අසල) ස්ථාපිත කර ඇත.

මෙම මාර්ගයේ ඉදිකිරීම් සඳහා මුල්ගල තැබුණේ 2014 නොවැම්බර් මාසයේ වන අතර ඉදිකිරීම් ආරම්භ කෙරුණේ 2016 වසරේදීය.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest