fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

කෙසෙල්වත්තේ පවාස්ගේ ඝාතනයට සම්බන්ධ සිව්දෙනෙක් අත්අඩංගුවට (Photos)

කොළඹ කෙසෙල්වත්තේ පරණ යොන් වීදියේ දී පසුගිය 4 වැනි දින රාත්‍රියේ දී “කෙසෙල් වත්ත පවාස්” නැමැති පුද්ගලයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් සිව්දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ(5) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊට අමතරව ඝාතනය සඳහා යොදාගත් කඩු හතරක් ද පොලිසිය භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

ඝාතනය සදහා සැකකරුවන් පැමිණි මෝටර් රථය පිලිබඳ තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බවත් එම වාහනය ද පොලිස් භාරයට ගැනීමට කටයුතු කරමින් සිටින බවයි ඔවුන් වැඩිදුරටත් සදහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 23 හා 31 අතර පසුවන කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සහ කෙසෙල්වත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest