නායයාමේ ලක්ෂණ මතුවිම හේතුවෙන් කොත්මලේ කොටගපිටිය ප්රදේශයේ පවුල් 20 ක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කල බව නුවරඑලිය දිස්ත්රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂක රංජිත් අලහකොන් මහතා පවසනවා.
ඒ අනුව (14) දින පස්වරුවේ එම ගම්මානයේ පදිංචි පවුල් 20 ක් පමණ වහාම ක්රියාත්මක වන පරිදි ඔහුගේ ඥාති නිවාස වල තාවකාලිකව පදිංචි කිරිමටයි පියවර ගෙන ඇත්තේ.
කොත්මලේ ජලාශයට ඉහලින් පිහිටි මෙම ගම්මානයේ පවුල් 60 පමණ පදිංචි වී සිටිනවා.
මිට පෙර ද මෙම ගම්මානය නායයාමේ අවධානම් සහිත ගම්මානයක් බවට හදුනාගෙන තිබුණා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් හෙට (15) දින එම ස්ථානයේ පරික්ෂාවකට ලක් කිරිමට නියමිතයි.