fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, February 7, 2023

DIGITAL EDITION | TELEVION

Tuesday, February 7, 2023

කොදෙව්වන්ට එරෙහි ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකාව ජයගනී

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු ටෙස්ට් තරඟාවලියේ ශුරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(03) සමත්වුණා.

ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති අවසන් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 164ක ජයක් ලැබීමත් සමගයි.

ශ්‍රී ලංකාව බටහිර ඉන්දීය කණ්ඩායමකට එරෙහිව ටෙස්ට් තරගාවලියක් ජයගත්තේ වසර හයකට පසුවයි.

ශ්‍රී ලංකාව පළමු ඉණිම වෙනුවෙන් ලකුණු 204 ක් රැස් කරගත් අතර කොදෙව් පළමු ඉණිම ලකුණු 253 යි.

ශ්‍රී ලංකාව දෙවැනි ඉණිම වෙනුවෙන් කඩුළු 9ක් දැවී ලකුණු 345ක් ලබා සිටින විට ඉණිම අත් හිටවනු ලැබුවා.

ලකුණු 297ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන්ට සියළු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 132ක් පමණයි.

තරගයේ වීරයා ධනංජය ද සිල්වා.

තරගාවලියේ වීරයා රමේෂ් මෙන්ඩිස්.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී අවසන් ටෙස්ට් තරඟය පැවැත්වුණා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest