සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගේ අවසන් දිනය අදයි.
ඊයේ දිනට තරගය නතරකරන විට සිය දෙවැනි ඉණිම ක්‍රීඩාකරන කොදෙව්වන් කඩුළු 6ක් දැවී ලකුණු 52ක් ලබා සිටියා.
ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීමට නම් අද දිනය තුළ කොදෙව් කණ්ඩායම තවත් ලකුණු 296ක් රැස් කරගත යුතු වෙනවා.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් නිකෘමා බොනර් සහ ජෝෂුවා ද සිල්වා නොදැවී පන්දුවට පහර දෙනවා.
පන්දු යැවීමේදී රමේෂ් මෙන්ඩිස් මේවන විට ලකුණු 17කට කදුළු 4ක් දවා ගෙන සිටිනවා.