සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අද (22) යි.
පළමු දිනයට තරගය නතර කරන විට කාසියේ වාසිය දිනා ප්රථමයෙන් පන්දුවට පහර දෙමින් සිටින ශ්රී ලංකා කණ්ඩායම කඩුළු 3 ක් දැවී ලකුණු 267 ක් ලබා සිටියා.
නොදැවී කඩුල්ලේ රැදී සිටින නායක දිමුත් කරුණාරත්න ලකුණු 132 ක් ද ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 56 ක්ද ලබා ගෙන සිටිනවා.
ඔවුන් දෙදෙනා එක්ව සිව්වන කඩුල්ල වෙනුවෙන් නොබිදුණු ලකුණු 97 ක සබඳතාවක් ගොඩ නගා තිබෙනවා.