ගෙවුණු දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 740 දෙනෙකු හදුනාගත් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 566,936ක් දක්වා ඉහල ගියා.
මේ අතර පෙරේදා(03) සිදුවූ කොවිඩ් මරණ 21 ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (04) තහවුරු කරනු ලැබුවා.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,440 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.