fbpx

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

කොවිඩ් මර්දනය කරලට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසර

කොවිඩ් මර්දනය සදහා භාවිතා කළහැකි “මොල්නුපිරවීර්” කරලට මෙරට කොවිඩ් තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලැබී ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.

ඒ අනුව කොවිඩ් 19 වෛරසයට එරෙහිව මුඛ්‍ය මාර්ගයෙන් කරලක් ලෙස ගත හැකි අනුමැතිය ලද ප්‍රථම ඖෂධය මෙය බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධයක් ලෙස ලියාපදිංචි කර මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් තීරණයක් ඉදිරියේදී ගන්නා අතර ඉදිරි කොවිඩ් 19 කාර්ය සාධක බලකායේදීද සෙසු පාර්ශව සමඟද මේ ගැන සාකච්ජා කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

දැනටමත් මෙම ඖෂධය සැපයීම සඳහා සමාගම් කිහිපයක් ඉදිරිපත්ව සිටින අතර මෙම ඖෂධය ලබා දීමට අනුමැතිය ලැබී ඇත්තේ කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ අයට වන අතර මිලිග්‍රෑම් 800ක කරලක් දිනකට දෙවරක් දින 05ක කාලයක් ලබා දිය යුතු බවටයි පර්යේෂණ වලින් තහවුරු වී ඇත්තේ.

මේ අතර වෙළඳපොලේ ඖෂධ මිළ ගණන්වවල සියයට 90 ක වැඩි වීමක් පවතින බව රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානය පවසනවා.

එම සංවිධානයේ සභාපති ධම්මික එදිරිසිංහ මහතා සඳහන් කලේ පැරසිටමෝල් පෙත්තේ සිට සියළුම බෙහෙත් මිල ඉහළ ගොස් ඇති බවයි.

රජයේ රෝහල් වලින් නිකුත් කරන ඖෂධ වට්ටෝරුවල වැඩි ප්‍රමාණයක් පිටත ඔසුසල් වලින් මිළදි ගැනීමට සිදුවන බවට රෝගින් චෝදනා කරන බවද පෙන්වා දුන් ධම්මික එදිරිසිංහ මහතා පැවසුවේ වෙළදපොලේ ඇති ඖෂධ උපකරණ වල මිල ගණන් වලද වැඩි වීමක් ඇති බවයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest