fbpx

DIGITAL EDITION | TELEVION

Monday, September 26, 2022

DIGITAL EDITION | TELEVION

Monday, September 26, 2022

කොවිඩ් රෝගීන් වාර්තා වීම වැඩිවෙලා – උත්සව සමයේ ආයේ රැල්ලක් හදාගන්න එපා – කෙහෙළිය රඹුක්වැල්ල (Video)

පොදු ස්ථානවලට පැමිණ සියලුම පුද්ගලයින් කොවිඩ් මර්දන ප්‍රතිශක්තිකරණ එන්නත ලබා සිටීම අනිවාර්ය බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

එමෙන්ම මේ වනවිට මෙරටින් වාර්තාවන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ද ඉහල ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.

අමාත්‍යවරයා මේ බව කියාසිටියේ කොළඹ පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

“අපි බොහොම පැහැදිලිව මේ එන්නත් කිරීම් සම්බන්ධව අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවාලෝකයේ බොහෝ රටවල නොමැති පහසුකමක් අපි මේ රටේ ජනතාවට ලබා දීලා තිබෙනවා.මේ වෙනකොට විස්සෙන් වැඩි සෑම කෙනෙකුටම තුන්වෙනි එන්නතත් පවා ලබා දෙන්නට පවා අපි සූදානමින් සිටිනවා.අපි කියනවා ජනතාවට මේක ගන්ඩ කියලා.අපි විශ්වාස කරනවා මේ එන්නත තුළින් තමයි කොවිඩ් උවදුරෙන් ගැලවෙන්නට පුළුවන්කමක් තිබෙන්නේ කියලා.මේ වසංගතයෙන් බේරුම සහ ඒකට මුහුණ දෙන්න හැකියාවක් තියෙන්නෙ කියලා. අපි මේ සඳහා නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා තිබෙනවා.අපිට vaccination එක අනිවාර්ය කරන්න බැහැ මොකද, අපිට එක දෙයක් කරන්න පුළුවන් සම්පූර්ණ vaccination එක නැති අයට පොදු ස්ථාන වලට ගැවසීම සහ ඒ අයට එන්නට තහනම් කරන්නට පුළුවන්. අපි ඒ දේ කරන්න ට හෙට අනිද්දට ම ඒ නීතිය ගෙනෙනවා. මොකද තමන්ගේ ජීවිතයේ අයිති තමන්ට තව කෙනෙකුට කියන්න බෑ මේ vaccination එක ගන්න කියලා, මම කැමැති නෑ මේ වැක්සීන් එක ගන්න කියලා. අපිට ඒකට අභියෝග කරන්නට බැහැ කරුණු කියන්න විතරයි පුළුවන්. මොකද ඔහුට හෝ ඇයට අයිතියක් නෑ තව කෙනෙකුගේ ජීවිතය අනතුරකට දාන්න. ඒ නිසා පොදු ස්ථානවලට පැමිණෙනවා නම් සම්පූර්ණ වැක්සින් එක අරගෙන තිබිය යුතුයි. එහෙම නැත්නම් පොදු ස්ථානවලට පැමිණෙන එක අපි නීතියෙන් තහනම් කරනවා. ගොඩක් ආයතන හිමිකරුවන් උදාහරනෙකට ගත්තොත් සිනමාහලකට. සිනමා හිමිකරුවන් ඒ වගකීම බාර ගන්නට ඕනේ ඒ දේ හරියටම බලල. මොකද දැන් අපි ඇප් එකක් හදලා තිබෙනවා, ඇප් එකත් එක්ක කිව්වා කෝඩ් එකක් තිබෙනවා බොහොම පහසු තත්පර දහයයි යන්නේ, වැක්සින් එක ගන්න අයට පමණක් පොදු ස්ථාන වලට යන්න මොකද ඔහුට හෝ ඇයට අනිත් අයගේ ජීවිත අවදානමය දාන්න හැකියාවක් නෑ. ඒ නිසා අපි ඒ කටයුත්ත කරන්න බලාපොරොත්තු වෙනවා.Covid රෝගීන් වාර්තා වීම වැඩිවෙලා තිබෙනවා. ඉදිරියේදී අවුරුදු සමයක් එනවා.රජයක් හැටියට කරන්න පුළුවන් හැකි සියලු දේ අපි කර තියෙනවා දැන් තිබෙන්නේ ජනතාවගේ පුරවැසි යුතුකම. පුරවැසියා හැසිරීම වැසියාගේ දෙයක්. මොකද පහුගිය අවුරුද්ද ඔබතුමන්ලා ටත් මතකයි සිංහල අවුරුදු රැල්ල කියලා කියලා ලොකු ප්‍රශ්නයක් ඇති වුණානේ”

මේ අතර ගෙවුණු දිනයේ කොවිඩ් ආසාදිතයින් 754 දෙනෙකු හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest