fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

කොවිඩ් සිව්වන රැල්ලක් ඇතිවීම වැළක්විය හැක්කේ ජනතාවටයි – අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

ජනතාව තමන්ගේ වගකීම හරිහැටි ඉටු නොකළහොත් කොවිඩ් සිව්වන රැල්ලක් ඇතිවීම වැළැක්විය නොහැකි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද(10) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එමෙන්ම එළඹෙන උත්සව සමයේදී රට වසාදැමීමට හෝ සංචරණ සිමා පැනවීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.

එම අවස්ථාවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙලෙස අදහස් පළකර සිටියා.

බොහොම පැහැදිලිව රජයක් විදියට අපිට කරන්න පුළුවන්ද සියලු දේ අපි කරලා තියෙනවා. අපි ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා මේ කෝවිඩ් වසංගතයක් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න කියලා. ඒ ප්‍රමාණය අනුව තමයි මේ ව්‍යාප්තිය සහ පාලනය සිද්ධ වෙන්නේ. රජයට ගන්ඩ පුළුවන් සියලුම ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා මෙය පාලනය කරන්න.Vaccinate කරලා තියෙනවා අනෙකුත් වැඩපිළිවෙළ සියල්ලම. ජනතාවගේ පැත්තෙන් ඉතාමත්ම ආයාචනාත්මකව ඉල්ලා සිටිනවා ඔවුන්ගේ පැත්තෙන් සහයෝගය ලබාදෙන්න මේ අවාසනාවන්ත තත්වය රටෙන් තුරන් කරන්න.

මාධ්‍යවේදියා : ඉදිරියේදී උත්සව සමයක් එනවා.

එක තමයි මේ එක හා සමානයි මේ සෑමදේම. මේ අලුත් තත්වයන් එක්ක ජීවත් වෙන්නට වැඩපිළිවෙළ තමන් තමන් හදා ගන්නට කියලා. රජයක් විදිහට අපිට කරන්න පුළුවන් සියලු දේ අපි කරනවා.

මාධ්‍යවේදියා : දැන් සංචරණ සීමාවල් දානවද මේ නත්තල් සමයේදී ?

නෑ ඒක ජනතාවගේ අතර තමයි තීන්දු වෙන්නේ. බැරිවෙලාවත් මේක මේවා වුණොත් මේ වසංගතයක් සමග ආර්ථික ප්‍රශ්න මතුවෙයි අපි සියලු දෙනාම දුක් විඳින්න සිද්ධ වෙයි. ඒක නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා එවැනි තත්ත්වයකට පත් නොවෙන්නට ජනතාවගේ ක්‍රියාකලාපය ඉදිරියට ගෙන යන්න කියලා.

මාධ්‍යවේදියා : හතරවෙනි රැල්ල දැන් බාගෙට ඇවිල්ල කියල කියනවා එක ඇත්තද ?

නෑ එහෙමම නෑ ඒක බය ගැන්වීමක් කරන්නේ එහෙම නොවෙන්ට බැරි කමක් නෑ

මාධ්‍යවේදියා :ඒ උණාට ඇමතිතුමා පාසල්වල කෝවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක් වෙලා තියෙනවා කියලා ?

නෑ එහෙම එකක් නෑ කවුද කියන්නෙ එහෙම වෙලා තියෙනවා කියලා. අපට තියෙන ගණන් හිලව්වල එහෙම එකක් නෑ . බොරු ප්‍රචාර කරන්න එපා කරුණාකරලා. එහෙම දෙයක් නෑ නමුත් ඒක වෙන්නට පුළුවන්.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest