fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

අවූරුදු 18 වැඩි පුද්ගලයින්ටද බුස්ටර් එන්නත ලබාදීමට අවසර (Video)

වයස අවුරුදු 30 වැඩි පුද්ගලයින් සදහා වර්ධක හෙවත් බූස්ටර් එන්නත ලබා දීම අද සිට ක්‍රියාත්මක වනවා.

කොවිඩ් දෙවන මාත්‍රාව ලබාගෙන මාස තුනක් ගතවී ඇති පුද්ගලයින්ට මෙම තෙවන එන්නත ලබා ගත හැකියි.

කොළඹ කාර්යාලවල සේවයේ නියතු වයස අවූරුදු 18 වැඩි පුද්ගලයින්ටද බුස්ටර් ලබා ගත හැකි බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ

අද(11) බස්නාහිර පළාතේ ස්ථාන කිහිපයක බුස්ටර් එන්නත ලබාදීම සිදු කෙරුණා

යුද හමුදාව විසින් මෙහෙයවනු ලබන එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වන්නේ කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ

බුස්ටර් එන්නත ලෙසට ෆයිසර් එන්නත ලබාදෙන අතර හැකි පළවෙනි අවස්ථාවෙදීම මෙම එන්නත ලබාගන්නා ලෙසටයි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙන්නේ

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ නිකුත් කල දත්ත වාර්තාවට ජනවාරි මාසයේ සිට මේ දක්වා බුස්ටර් එන්නත ලබාගෙන ඇති වැඩිහිටි පුද්ගලයින් ගණන දහනම ලක්ෂ 71 816 ක්.

ඉදිරි දෙසතිය තුළ කොවිඩ් මර්දන අධිමාත්‍රා එන්නත ලබා දී අවසන් කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොවිඩ් මර්දන විශේෂ කමිටු සාමාජිකයන්ට ඊයේ(10) උපදෙස් ලබා දුන්නා

පොදු ස්ථානවලට ඇතුළු වීමේදී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට ද කොවිඩ් කමිටුව ඊයේ තීරණය කළා .

-අමල් කොළඹ

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest