අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවලංගුකර තිබු කොළඹ සහ බදුල්ල අතර දුම්රිය ගමන් අද සිට යලි ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව අද(29) උදෑසන කොළඹ කොටුව සිට පොඩි මැණිකේ දුම්රිය බදුල්ල දක්වා ගමන් ආරම්භ කර ඇති අතර උදෑසන 8.30ට බදුල්ල සිට කොළඹ කොටුව බලා තවත් දුම්රියක් ගමන් ආරම්භ කිරීමට නියමිත බවයි ත්රිවිධ 24 අප කළ විමසීමකදී දුම්රිය පාලක මැදිරිය පවසා සිටියේ.