fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

කෝටි 32 ක ජය මල්ල ඕස්ට්‍රේලියාවට ද ? නවසිලන්තයට ද ?

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (14) ඩුබායිහිදී පැවැත්වීමට නියමිතයි.

ඒ නවසිලන්ත කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතරයි.

නවසිලන්තය පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් තරගයට එක්වන්නේ පළමු වරටයි.

නමුත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම 2010 වසරේදී අවසන් තරගයකට සුදුසුකම් ලැබුවත් එහිදී ඔවුන්ට එංගලන්තය හමුවේ කඩුලු 7කින් පරාජය වීමට සිදුවුණා.

ඒ අනුව නවසිලන්තය සහ ඕස්ට්‍රේලියාව අද තරගයට පිවිසෙන්නේ සිය මංගල පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානය දිනාගැනීමේ අරමුණින්.

අද (14) දවසේදී ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඒරන් ෆ්‍රින්ච් විසින් මෙහෙයවනු ලබන අතර ඩේවිඩ් වෝනර්,මාකස් ස්ටොනිඩ්,මැතිව් වේඩ්,මිචෙල් ස්ටාක් වැනි ප්‍රබල අත්දැකීම බහුල ක්‍රීඩකයින් ඔවුන් සතු වනවා.

ක්‍රිකට් ක්‍රීඩාවේ මේ සියවසේ සාර්ථකම නායකයා ලෙසින් හැදින්වෙන කේන් විලියම්සන් විසින් නවසීලන්ත කණ්ඩායම මෙහෙයවන අතර ටිම් සවුති,ට්‍රෙන්ට් බෝල්ට්,ජිමි නීෂම්,මාටින් ගප්ටිල් වැනි 20-20 පිටියේ පෙරළිකාර ක්‍රීඩකයින් ඔවුන් සතු වනවා.

තරගය අද ශ්‍රී ලංකා වෙලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest