ගෑස් කාන්දුවීම් හේතුවෙන් සිදුවූ පිපිරීම් 4ක් ඊයේ දිනයේ ප්රදේශ කිහිපයකින් වාර්තා වුණා.
මේවන විට මෙවැනි සිදුවීම් 30ක් පමණ වාර්තා වී ඇති බවයි පොලිසිය පවසන්නේ
මෙම පිපිරීම් වලදී ගෑස් ටැංකිය පුපුරා ගොස් නොමැති අතර ගෑස් ටැංකියෙන් සිදුවූ ගෑස් කාන්දුවීම් හේතුවෙන් මෙම පිපිරීම් සිදුව ඇති බවයි මූලික විමර්ශන මගින් තහවුරු වී ඇත්තේ.
මෙම ගෑස් ආශ්රිත පිපිරීම් පිළිබද ව ස්ථානීය පරීක්ෂණ සිදුකිරීම් කෙරෙහි රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබෙනවා,.
ඒ අනුව ඉදිරියේදී ගෑස් ආශ්රිත පිපිරීම් සිදුවූ ස්ථානවලට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ගොස් විමර්ශන සිදු කිරීමට නියමිතව තිබෙනවා