fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

ගෑස් අනතුරු ගැන ඇමති බන්දුල හා ලසන්තට එරෙහි පෙත්සමක්

ගෑස් අනතුරු සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන හා ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරුන්ට සහ පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති හා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් යන අයට එරෙහිව අපරාධ නීතිය යටතේ විමර්ශනයක් සිදු කරන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් වුණා.

සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා.

පෙත්සම්කරු කියා සිටින්නේ නිසි ප්‍රමිතියකින් තොර එල් පී ගෑස් ආනයනය කර බෙදාහැරීම හේතුවෙන් අනතුරුදායක සිදුවීම් ගණනාවක් දිවයිනේ සියලු ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවයි.

මේ හේතුවෙන් දැනට වෙළෙඳපොළ වෙත මුදාහැර ඇති ගෑස් සිලින්ඩර ආපසු කැඳවන ලෙස ලිට්රෝ හා ලාෆ් ගෑස් සමාගම වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

විධිමත් පරීක්ෂණයක් පවත්වා ආරක්ෂාව තහවුරු කරන තුරු වෙළඳපොළට ගෑස් සිලින්ඩර මුදාහැරීම වැළැක්වීමේ නියෝගයක් අදාළ සමාගම් වෙත නිකුත් කරන ලෙසද පෙත්සම් කරු ඉල්ලා සිටිනවා.

මේ පිළිබඳව විධිමත් පරීක්ෂණ පවත්වා පිපිරීම් හේතුවෙන් අගතියට පත් පවුල් වලට වන්දි ගෙවන නියෝගයක් නිකුත් කර ලෙසද ඔහු එමගින් ඉල්ලා සිටිනවා.

මෙම රිට් පෙත්සම හෙට දින සලකා බැලීමට නියමිතයි.

-අධිකරණ වාර්තාකරු උදය කුමාර

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest