fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

ගෑස් අනතුරු පිළිබඳ මොරටුව විශ්වවිද්‍යාලයේ වාර්තාව මේ සතියේදී

ගෑස් අනතුරු පිළිබඳ “තත්ත්ව විශ්ලේෂණ විශේෂඥ වාර්තාව” මෙම සතියේදී පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයට ලබාදීමට සුදානම් බව මොරටුව විශ්වවිද්‍යාලය පවසනවා.

සිව්දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් මඟින් මෙම වාර්තාව සකස් කරන බවයි මොරටුව විශ්වවිද්‍යාලයේ රසායන සහ ක්‍රියාවලි අංශයේ ප්‍රධානී මහාචාර්ය ශාන්ත වල්පොලගේ මහතා සඳහන් කළේ.

ගෑස් සම්බන්ධ පිපිරීම් සහ ගිනිගැනීම් වාර්තාවීමත් සමග එම ස්ථාන වලින් ලබාගත් ගෑස් සාම්පල රසායනාගාර පරීක්ෂණ වෙත යොමුකිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පසුගියදා පියවර ගත්තා.

මේ අතර අද (30) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කලේ පෞද්ගලික ආයතන පමණක් නොව රජයේ ආයතනයක්ද මෙම සාම්පල් ලබාගැනීම සඳහා අදාළ ස්ථාන වෙත යා යුතු බවයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest