fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

ගෑස් ලිප පිපිරී බරපතල තුවාල ලැබූ කාන්තාවක් මියයයි

මහනුවර නත්තරම්පොත ප්‍රදේශයේ නිවසක ගෑස් ලිපක් පුපුරා යෑමෙන් බරපතල පිළිස්සුම් තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ලැබූ කාන්තාවක් මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ ඩබ්ලිව් ප්‍රියංගනී නැමැති පනස් එක් හැවිරිදි තිදරු මවක්.

මෙම කාන්තාව ඉකුත් පළමුවැනිදා (01) අලුයම මුළුතැන්ගෙට ගොස් ගෑස් ලිප දැල්වූ අවස්ථාවේ එය පුපුරා ගොස් බරපතල පිළිස්සුම් තුවල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

ඇය දැඩි සත්කාර ඒකකයේ දින 10ක ප්‍රතිකාර ලැබූ නමුත් පරපතල පිළිස්සුම් තුවාල හමුවේ ජීවිතය බේරා ගැනීමට නොහැකිව ඊයේ මියගොස් තිබෙනවා.

මාතලේ හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව දරුවන් පාසල් යැවීමට පහසුව සදහා කුලී පදනම මත මීට මාස තුනකට පෙර නත්තරම්පොත ප්‍රදේශයේ නිවසක පැමිණ ඇති බවයි පල්ලෙකැලේ පොලසිය පවසන්නේ.

පසුගිය දිනවල මහනුවර දිස්ත්රික්කයේ ස්ථාන කිහිපයකම ගෑස් ලිප් පුපුරා යෑම් සිදුවූනා.

කමල් සුරවීර

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest