ගෑස් සමාගම්වලට එරෙහිව ඉදිරි දින කීපයේ නඩු පැවරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
නීතිපතිවරයාගෙන් මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීමට ද නියමිත බවයි එම අධිකාරියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ.
ගෑස් සිලින්ඩරවලට සම්බන්ධ උපාංග පිළිබඳව හෝ ඒවායේ නඩත්තුව පිළිබඳව අවශ්‍ය පියවර ගෙන නොමැති නිසා එම සමාගම් වගකීම් පැහැර හැර ඇති බවයි අධිකාරියේ අදහස වී ඇත්තේ.